discoverylk ad

Study abroad in Spain

ඇත්තටම මොකක්ද මේ ආදරවන්තයන්ගේ දිනය කියන්නේ ? | History of Valentine

ආදරවන්තයන්ගේ දිනය හෙවත් ශුද්ධවූ වැලන්ටයින්ගේ දිනය සමරනු ලබන්නේ පෙබරවාරි මස 14 වන දිනයේදීය. ආදරවන්තයන් සමරන “වැලන්ටයින් දිනය” පෙබරවාරි 14 වෙනිදා ලෝකයේ තරුණ වැඩිහිටි සැමට අමතක නොවන දිනයකි. මන්ද එදින උත්සවාකාරයෙන් සමරන බැවිනි. බොහෝ දෙනෙකුට මෙදින අර්ථ විරහිත වූ ආලය ‍තේමා කරගත් හුදු දිනයක්ම පමණි. බෙහෝ දෙනෙකු මෙහි අර්ථය පවා නොදනිති. ඇතමුන්ට තම අශීලාචාරවත් සිතැඟි තෘප්තිමත් කර ගැනීමේ දවසකි. ශ්‍රී ලංකාවේ තරුණ පරපුර අතර “වැලන්ටයින් දිනය” පැවැත්වීමේ රැල්ල සීඝ්‍රයෙන් පැතිර ගියේ 1998 න් පසුවය. මෑතක බිහි වූ ඇතැම් මාධ්‍ය ආයතන මෙම දිනය පැවැත්වීම සඳහා විවිධ තරග හා කුසපත් ඇදීම් යනාදිය මගින් තරුණ තරුණියන්ට නොයෙක් අයුතු අවස්ථා ලබා දෙමින් විනෝද චාරිකා සංවිධානය කර ඊට මහත් ප්‍රසිද්ධියක් හා පෙළඹවීමක් ඇති කළහ. එනිසා බෙහෝ අය මෙම දිනය දෙස බැලුවේ අශීලාචාරවත් පුද්ගලයන්ගේ දිනයක් ලෙසිනි. එබැවින් ඇතමුන් ඊට “වලත්යන්ගේ දිනය” යනුවෙන් අපහාසාත්මක නාමයක් පටබැන්දහ. එත් ඇත්තටම මොකක්ද මේ ආදරවන්තයන්ගේ දිනය කියන්නේ ? අද අපි අරගෙන ආවේ ආදරවන්තයින්ගේ දිනයේ ආරම්භය පිළිබඳ විස්තර.


#watch :

Post a Comment

0 Comments