ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඇති සුවිශේෂී බලකායන් | Special Boat Squadron Sri Lanka Navy
ඈත අතීතයේ පටන් දිවයිනට එල්ල වූ විදේශ සතුරු බලපෑම් වලට මුහුණ දීමට තරම් ශක්තිමත් නාවික බලයක් අප සතුව තිබු බවත්, එම නාවික බලය 12 වන සියවස වන විට අසල්වැසි රාජ්‍යයන්ටද අභියෝග කල හැකි තරම් ශක්තිමත් වූ බව ඉතිහාසය සාක්ෂි දරනවා.
දෙවන ලෝක යුද්දය ආරම්භ වීමත් එක්ක බ්‍රිතාන්‍යට අවශ්‍ය වුනා බ්‍රිතාන්‍යයේ සෑම යටත් රාජ්‍යයකම සමුද්‍රීය ආරක්ෂාව ඉහල නංවන්න.
ඉතින් එහි එක් ප්‍රතිපලයක් විදියට ශ්‍රී ලංකා ස්වෙච්චා නාවික හමුදාව නමින් ලංකා නාවික හමුදාවේ මුලාරම්භය සිදු වුණා.
ඉන්පසුව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබන ලංකාව ජනරජයක් බවට පත්වීමත් සමග රාජකීය නාවික හමුදාව ශ්‍රී ලංකා නාවික හමුදාව බවට පත් වුනා.
ශ්‍රී ලංකාවේ ගොඩබිම වගේ 7 ගුණයක් විශාල ලංකාවට අයත් සාගර කලාපයේ ඇති සාගරික සම්පත් හා සාගරික පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමත්, ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ මෙන්ම ජාත්‍යන්තර මුහුදේ නීතිය ක්‍රියාත්මක කරමින් මහ මුහුදේ ආධිපත්‍ය රැකගැනීමත් විදේශ ප්‍රතිපත්තියට, ජාතික ආරක්ෂක අරමුණු වලට ජාතික අවශ්‍යතා සපුරාලීම සදහා හමුදාමය, රාජතාන්ත්‍රික සහ නිතිය බලාත්මක කිරීමෙන් මෙහෙයුම් සිදු කිරීම නාවික හමුදාවේ කාර්යභාරයයි.
ඉතිං නාවික හමුදාවට පැවරිලා තියෙන මේ කාර්යයන් ඉටු කරන්න එක් එක් බලකායන් නාවික හමුදාව තුල නිර්මාණය කරලා තියෙනවා.
ඒ බලකායන් අතරින් ඉතාමත් විශිෂ්ටතම බලකායන් කිහිපයක් අරගෙන එන්නයි මගේ මේ සුදානම.
0 Comments